ගිනිගැනීමට ලක්වූ නිව් ඩයමන්ඞ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට ඇදගෙන යාම සිදුකරන බවට වාර්තා වනවා.
නමුත් එම නෞකාව ඉන්දියාව දෙසට ඇදගෙන යාම සිදුකරන බවයි මීට පෙර තොරතුරු වාර්තා වුණේ.
නෞකාවේ පවතින ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමේ අරමුණින් නැව පැමිණි මාර්ගය ඔස්සේ මෙලෙස යළි රැගෙන යමින් පවතිනවා.
නෞකාව මේ වනවිට මැදපෙරදිග දෙසට ඇදගෙන යාම සිදුකරන අතර, ඊට නාවික හමුදාවට අයත් සමුදුර සහ සයුර යන නෞකා දෙක ද සම්බන්ධ වී ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකර ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට තවත් දින 04 ක් පමණ ගත වනු ඇති බවටද වාර්තා වනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ