චීනය නව යුගයේ ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම තුළින් ලෝකයට නව අවස්ථා ගෙන එනු ඇතැයි චීන හා ඊජිප්තු නිලධාරීහූ පවසති.
‘නව යුගයේ චීන ප්‍රතිසංස්කරණ මගින් ලොවට ගෙන එන අවස්ථා’ මැයෙන් ඊජිප්තුවේ කයිරෝ නුවර ඊයේ(30) පැවති සංවාදයකට එක්වෙමින් ඔවුහූ මේ බව සඳහන් කළහ.
චීන ඊජිප්තු මිත්‍රත්ව වසරේ සංස්කෘතික හුවමාරු වැඩසටහනක් ලෙසට චීන මාධ්‍ය සමූහය, ඊජිප්තු සංචාරක අමාත්‍යංශය සහ ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය විසින් එය සංවිධාන කරනු ලැබිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිය මෑතකදී බෙයිජිංහිදී සාර්ථකව අවසන් වූ බවයි. චීනයේ ඉදිරි පරිපූර්ණ ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීමෙන් නියත ලෙසම ලොවට වටිනා ස්ථාවරභාවයක් ගෙන දෙනු ඇති බවත් නව සංවර්ධන අවස්ථාවන් ද ඉන් නිර්මාණය කෙරෙනු ඇති බවත් හෙතෙම කීය.වඩාත් වැඩි චීන ශක්තිය මානව වර්ගයාගේ පොදු සංවර්ධනය හා සෞභාග්‍ය වෙනුවෙන් ලැබෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.
ඊජිප්තුවේ සෑම තරාතිරකම ජනතාව සමගම හුවමාරු හා සහයෝගතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරටේ ශිෂ්ටාචාර අතර අවබෝධය පුළුල් කර උසස් මට්ටමේ සහයෝගතාවන් තුළින් ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමට චීන මාධ්‍ය සමූහය අපේක්ෂා කරන බවද Shen Haixiong මහතා සඳහන් කළේය.
ඊජිප්තු සංචාරක අමාත්‍ය Sherif Fathy මහතා එහිදී සඳහන් කළේ චීනයේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීමෙන් සමස්ත ලෝකයට ප්රතිලාභ ගෙන දෙනු ඇති බවයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි