විදේශීය

නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අනුගමනය කිරීමේ කාරක රැස්වීම පැවැත්වෙයි. ඊයේ (03) බෙයිජිං අගනුවර පැවති එම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිංමහතා  එක්වෙමින් වැදගත් දේශයක් පැවැත්වීය. බලවත් රටක් ලෙස ගොඩනැංවීම සහ චීන ජාතියේ පුනර්ජීවනය යන දැවැන්ත ඉලක්ක ප්‍රබෝධවත් වෙමින් පවතින බව හෙතෙම එහි දී  අවධාරණය කළේ ය.  මෙවර රැස්වීම පදනම් කරගනිමින් ‍චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන ශක්‍යතා අඛණ්ඩව නංවමින් නවීකරණය වූ රටක් අංගසම්පූර්ණ අයුරින් ගොඩනැංවීමටත් චීන ජාතියේ ප්‍රබල පුනර්ජීවනය තහවුරු කිරීමටත් එක්සත් වීඇපකැප වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී දැනුම් දී තිබේ.
ඇමරිකාව ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් අනුගමනය කළ යුතු අතර වර්ගවාදය හා වාර්ගික වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නනිරාකරණය කළ යුතු බව  චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං  මහත්මිය පවසයි. ඇය එසේ පැවසුවේ ඊයේ (27) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී, ‘වහල්භාවය හා අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමපිළිබඳ ජාත්‍යන්තර අනුස්මරණ දිනය’ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඉතිහාසයේ යටත්විජිතවාදයෙන් හා වහල්භාවයෙන් උරුම වූ සෙවනැල්ල තවමත් ඇමරිකානු සමාජයේ පවතී. ඇමරිකාවේදී, අප්‍රිකානු සම්භවයක්  සහිත පුද්ගලයින් පොලිසිය විසින් ඝාතනය  කරනු ලැබීමේ අනුපාතය, සුදු ජාතිකයින්ට  වඩා 2.78 ගුණයකින්වැඩි වන බව  වසර 2013ත් 2022ත් අතර කාලයේ  පොලිසිය විසින් සිදු කළ ඝාතන සිද්ධි විග්‍රහ කිරීමෙන් පිළිබිඹුවේ යැයිඇමරිකානු  ‘Mapping Police...
චීන මාධ්‍ය සමූහයේ “ චීන ලක්ෂණවලින් යුත් නවීකරණය හා ලෝකයේ නව අවස්ථා ”  තේමාගත සාකච්ඡා සභාවක් සාර්ථක වපැවැත්වේ. එම සාකච්ඡා සභාව ඊයේ (23) හොංකොං හිදී පැවැත්විණ.අදාළ විශේෂ වැඩසටහන හොංකොං හි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යඔස්සේ සමගාමීව වාර්තා කෙරිණ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජයේ මුදල් අමාත්‍ය චෙන් මාඕ බෝ , චීන ජාතික මහජනකොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සාමාජික ලි හුවෙයි ඡියොං , චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකත්සා ගුවන් ෂෙන් ඇතුළු නිලධාරීහු එම සාකච්ඡා සභාවට එක් වූහ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය අඛණ්ඩ ව අනුගමනය කරමින් චීන මහ ගොඩබිමේසංවර්ධන උපාය මාර්ගයට අනුකූල ව කටයුතු කළ යුතු බව සාකච්ඡා සභාවට එක් වූවන් පවසා ඇත. චීනය චීන ලක්ෂණවලින් යුත්නවීකරණය වඩාත් ක්‍රියාශීලිව ඉදිරියට ගෙන යාමේදී හොංකොං විශේෂ පරිපාලන කලාපය ඊට එක් ව වඩාත් වැඩි දායකත්වයලබා දෙනු ඇතැයි ඔවුහූ පැවසූහ.
මෙම වසරේ චීනයේ ‘සැසිවාර දෙක’ පැවැත්වෙන කාලය තුළ, චීන නීති සම්පාදන නීතියේ සංශෝධන කෙටුම්පත...
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වේ. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝපිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක් ව සිටිති. මෙවර සැසිවාරය තුළදී, චීනයේ නව ජාතික ආයතන මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති  ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ. දැනට නිකුත් කෙරුණුන්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂාකිරීමට ද නියමිත ය. පසුගිය වසරේ චීනය සංවර්ධනය කිරීමේ දී අසීරුතා ඇති වුවද නව ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යං මහතා පැවසුවේ එම සැසිවාරයට එක්වෙමින් රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමිනි. පසුගිය වසරේ චීන ආර්ථිකයේ ස්ථාවරත්වයක් පවතින බව ලී ක ච්‍යං මහතා පවසයි. සංවර්ධන ගුණාත්මක භාවය ස්ථිර අයුරින්ඉහළ නංවා ඇති අතර, සමාජයීය තත්ත්වය ද ස්ථාවර බව හෙතෙම කියා සිටී. 2022 වසරේ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 3%කින් වර්ධනය වී ඇත. නගර හා උප නගර තුළ පුද්ගලයින් මිලියන12.06ක් සඳහා නව රැකියා අවස්ථා හිමි විය. පාරිභෝගික මිල දර්ශකය 2%කින් වැඩි වී සංකීර්ණ පරිසරයක් තුළ, වසරේසංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සාක්ෂාත් කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ගෙවි ගිය වසර 5 තුළ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රගතින් ලෝකයේ අවධානයට ලක්ව තිබේ. එම කාලය තුළ, චීනයේදළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 121 දක්වා ළඟා වී ඇති අතර, වසර පහ තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.2% කි. ගෙවි ගිය වසර දහය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 70 කට ආසන්නව වැඩි වී තිබෙන අතර සාමාන්‍යවාර්ෂික වර්ධන වේගය 6.2% ක් වේ. චීනයේ ආර්ථික ශක්තිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, ගතවූ වසර 5 තුළ, චීනය අඛණ්ඩව ප්‍රතිසංස්කරණය සහ විවෘත කිරීම ගැඹුරු කරමින් ‘ එක්තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කරමින් සිටී. එම කාලය තුළ චීනයේ භාණ්ඩ ආනයන හා අපනයන නිමැවුම යුවාන්ට්‍රිලියන 40 ක් ඉක්මවයි. විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ විදේශ රටවලට ආයෝජනය කිරීම අතින් චීනය ලෝකයේඉහළම පෙළේ සිටී. දරිද්‍රතාවය තුරන් කිරීම, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය සහ පරිසරය වැඩිදියුණු කිරීමසම්බන්ධයෙන් ද චීනය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත. ලී ක ච්‍යං අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ චීන ආර්ථීක සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක රැසක් ද ඉදිරිපත් කරඇත. මේ අනුව, 2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කෙරේ. නාගරික ප්‍රදේශවලරැකියා අවස්ථා මිලියන 12 කින් වැඩිකිරීම, එම ප්‍රදේශවල විරැකියා අනුපාතය 5.5% ක් පමණ අඩු මට්ටමක් දක්වා පාලනය කිරීමසහ පුරවැසියන්ගේ පරිභෝජන මිල ඉහළ යාම 3% ක ම‍ට්ටමේ පවත්වා ගැනීම ද ඊට ඇතුළත්ය. එමෙන්ම, ආනයන සහඅපනයන ක්ෂේත්‍රවල ස්ථාවරත්වය හා ගුණාත්මකභාවය ඉහළ නංවාගෙන ජාත්‍යන්තර අයවැය මූලික වශයෙන් සමබර මට්ටමකපවත්වා ගත යුතු ය. ධාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය‍ ටොන් මිලියන 650කට වඩා වැඩි අගයක් අපේක්ෂිත ය. මීට අමතරව, ෆොසිලබලශක්ති පරිභෝජනය පාලනය කරමින්, තිරසර ජෛව පරිසර සුරක්ෂිතතාව නැංවීම ද මේ වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්කඅතරට ඇතුළත් වන බව ලී ක ච්‍යං අග්‍රාමාත්‍යවරාගේ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. චීනය පුද්ගලික ව්‍යවසායකයන්ගේ දේපළ අයිතිවාසිකම්, ව්‍යවසායක අයිතිවාසිකම් සහ අවශ්‍යතා  නීත්‍යනුකූලව ආරක්ෂා කර, පෞද්ගලික ආර්ථිකය සහ පෞද්ගලික ව්‍යවසායන් දිරිගන්වමින් ඒවා සංවර්ධනයට සහාය දී, කුඩා, මධ්‍යම සහ ක්ෂුද්‍රව්‍යවසායයන් මෙන්ම  තනි කාර්මික සහ වාණිජ කුටුම්භ සංවර්ධනයට ද සහාය දෙයි. සියලු වර්ගවල ව්‍යවසායයන්ට සාධාරණතරඟකාරිත්ව වර්ධනය සඳහා උචිත පරිසරයක් නිර්මාණය කර, වෙළඳපළ අපේක්ෂා සහ විශ්වාසය ඉහළ නැංවීම සඳහාප්‍රායෝගික උපායමාර්ග භාවිත කරන බව ද එම වාර්තාවේ දැක්වේ.  එසේම, වෙළඳපළ ප්‍රවේශය පුළුල් කිරීම සහ නවීන සේවා කර්මාන්තයේ විවෘතභාවය වැඩි කළ යුතු අතර, විදේශීය අරමුදල්යොදවන ව්‍යවසායයන් සඳහා ජාතික මට්ටමේ සැලකිලි ක්‍රියාත්මක කෙරේ. ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණසහ ප්‍රගතිශීලී ගිවිසුම (CPTPP) වැනි උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික සහ වෙළඳ ගිවිසුම්වලට ප්‍රවේශ වීම සක්‍රියව ප්‍රවර්ධනයකිරීම, අදාළ නීති කළමනාකරණය සහ ප්‍රමිතීන්ට අනුව ආයතනික විවෘත භාවය ක්‍රමානුකූලව පුළුල් කිරීමට කටයුතු කරන බව දරාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙයි. තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ගැටළුව නව යුගය පරිදි නිරාකරණය කිරීමේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාමාර්ගයෙහිචීනය අඛණ්ඩ ව එල්බ සිටින බව හෙතෙම කියා සිටී. එකම චීනයක් යන ප්‍රතිපත්තිය හා ඊට අදාළ ‘ 1992 වසරේ එළඹුණුඑකඟතාව ’ මෙන් ම තායිවානය චීනයෙන් වෙන් කිරීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් එක්සත් භාවය ඇති කිරීම චීනය අනුගමනයකරයි....
රුසියාව සම්බන්ධ සාධක මත ඇමරිනාව චීන සමාගම්වලට එරෙහිව සම්බාධක  පැනවීම චීනයේ දෝෂ දර්ශනයට ලක්වෙයි.චීන...
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ  පෙරේදා (21) “මූලික පර්යේෂණ ශක්තිමත්...
චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව ඊයේ (22) චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ....
WP Twitter Auto Publish Powered By : XYZScripts.com