චීන මාධ්‍ය සමූහයේ 2023 චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ ප්රචාරක කටයුතු ලෝකයේ විවිධ රටවලදී...
විශේෂාංග
නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නවසීලන්ත...
චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය උදාවීමට පෙර, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් බිම් මට්ටමේ නිලධාරීන්හා ජනතාව හමු වෙමින්, විවිධ ජන කොටස් වෙත නව වසරට හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇත. ජනතාවට සෞඛ්‍යය, සතුට ලැබේවායැයි ද ව්‍යාපාර සාර්ථක වේවායැයි ද සුබ පැතූ ඔහු, රටේ සෞභාග්‍යය හා සාමය සඳහා දසුබ ප්‍රාර්ථනා කර ඇත. ඔහු විශේෂයෙන් ෆූ ජියන් පළාතේ ෆූ චෞ නගරයේ සමාජ සුබසාධන ආයතනයේ වැඩිහිටියන් හා සේවකයින් සමග වීඩියෝආකාරයෙන් හමු විය. ඔවුන් ජනාධිපතිවරයාට ආචාර දැක්වූ අතර ජනාධිපතිවරයා ඔවුන්ට නව වසරට සුබ පැතුම් පිරිනැමුවේය. අනතුරුව ෂී ජින්පිං මහතා දුම්රිය සේවාවෙහි නිරතව සිටි සේවකයින් වීඩියෝ තාක්ෂණයෙන් හමු විය. වේදිකාවේ සිටි මගීහූවිද්යුත් තිරයේ පෙනී සිටින ෂී ජින්පිං මහතා දැක සැනෙකින් ඉතා උනන්දුවෙන් ඔහු වෙත ආචාර දැක්වූහ. Sichuan පළාතේ Shiyi ගම්මානය, Wenchuan භූමිකම්පාවෙන් පසු ප්‍රතිසංස්කරණ කර, වර්තමානයේ එය චීනයේ ශිෂ්ඨාචාරයපිළිබඳ ජාතික ආදර්ශ ගම්මානයක් බවට පත්ව ඇත. ගම්මානයේ නායකයින් හා එහි සංචාරකයින් සමඟ චීන ජනාධිපති ෂී ජින් පිංමහතා වීඩියෝ ආකාරයෙන් සංවාදයක නිරත විය. ගම්මානයේ ආදායම සහ වසන්ත උත්සව කාලය නිමිත්තෙන් එහි සංචාරකකර්මාන්තය පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ. Heilongjiang පළාතේ Harbin වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ වෛද්‍ය සේවකයින් හා රෝගීන් වෙත ද ෂීජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් සුබ පැතුම් එක් කළේය. රටේ වසංගත පාලන ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය කිරීමෙන් පසුවරෝහලේ උණ රෝගී අංශයේ තත්ත්වය, බරපතල රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ඖෂධ සැපයුම හා රෝගීන්ගේ පුනරුත්ථාපනයපිළිබඳව ෂී ජින්පිං මහතා සවිස්තරාත්මකව විමසා බැලුවේය. අවසානයේ ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේය. ගෙවී ගිය වසර, අසාමාන්‍ය හා අසීරු වසරක් බවත් අප එක්ව විවිධදුෂ්කරතා හා අභියෝග ජය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. එම ජයග්‍රහණයට සෑම කෙනෙක්ම ශ්‍රේෂ්ඨ දායකත්වය ලබා දී ඇත. නව වසර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ජීවගුණය මුළුමනින්ම අනුගමනය කිරීමේ ආරම්භක වසරය. විශ්වාසය තහවුරු කර ගෙන, එක්සිත්ව වැඩ කරමින් නව වසරේදී වඩාත් වැඩි ජයග්‍රහණ දිනා ගැනීමට උත්සාහ දැරීමට ඔහුඑහිදී ජනතාව වෙත බලාපොරොත්තු එක් කළේය.
ඇමරිකාව තම රටේ නව කොරොනා වසංගතය පිළිබඳ තොරතුරු හා අදාළ දත්ත හැකි ඉක්මනින් බෙදා...
මෙම වසරේ චීන ආර්ථිකය සම්බන්ධයෙන් ජගත් විද්වත්හු ධනාත්මක ආකල්ප දරති.ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ 2023...
යුක්රේන අර්බුදය විසඳීම වෙනුවෙන් සංවාදය හා සාකච්ඡාව ප්‍රායෝගික ම ක්‍රමය බව චීනය පවසයි. එක්සත්...
ඇමරිකාවේ “උද්ධමනය අඩු කිරීමේ පනත”ට එරෙහිව යුරෝපා සංගමය ප්‍රතිචාර දක්වයි.පසුගිය වසරේ ඇමරිකාව විසින් සම්මත...
The Wall Street Journal පුවත්පත පසුගිය 15වැනිදා පළ කළ නවතම කාර්තු සමීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව, ඇමරිකා ෆෙඩරල්සංචිතයේ ආක්‍රමණශීලී පොලී අනුපාත ඉහල දැමීමේ පසුබිම යටතේ, ඇමරිකානු ආර්ථිකය ඉදිරි වසරක් තුළ මෘදු අවපාතයකටමුහුණ දෙනු ඇති බවට, ආර්ථික විදයාඥයෝ අපේක්ෂා කරති. ජනවාරි 6 සිට 10 දක්වා ආර්ථික විද්‍යාඥයින් 71 දෙනෙකු සමීක්ෂණයට එක්ව තිබේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75% විශ්වාසකළේ, ෆෙඩරල් සංචිතය ආර්ථික වර්ධනය මන්දගාමී වීමෙන් උද්ධමනය අඩු කිරීමට අපේක්ෂා කරන නමුත්, ආර්ථිකයේ ‘මෘදුගොඩබෑමක්’ සිදු නොවනු ඇති බවයි. ඉහළ උද්ධමනය සහ එය මැඩපැවැත්වීමට ෆෙඩරල් සංචිතයේ ප්‍රතිපත්තිමය උත්සාහයන්මේ වසරේ ඇමරිකානු ආර්ථිකය මුහුණ දෙන විශාලතම අවදානම වනු ඇත. ඉදිරි මාස 12 තුළ ඇමරිකානු ආර්ථිකය අවපාතයකටලක්වීමේ සම්භාවිතාව 61% තරම් ඉහළ අගයක් ගනු ඇති බව, එම සමීක්ෂණයේ දැක්වේ.
ලෝක ආර්ථික සංසදයේ 2023 වාර්ෂික රැස්වීම ආරම්භ වේ. එම රැස්වීමේ සමාරම්භක උත්සවය ඊයේ (16) ස්විට්සර්ලන්තයේඩාවෝස් නුවර දී පැවැත්විණ. ලොව වඩාත්ම වැදගත් ආර්ථික සංසදයක් වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේ මෙවරතේමාව වන්නේ “බෙදී ගිය ලෝකයක සහයෝගීතාව ශක්තිමත් කිරීම” යන්නයි. ලොව පුරා රටවල් සහ කලාප 130කින් විවිධ මට්ටම්වල නායකයින් 2,700කට වැඩි පිරිසක් මෙම සමුළුවට සහභාගී වේ. එමෙන්මරාජ්ය නායකයන් හා රජයේ ප්‍රධානීන් 50 දෙනෙකු පමණ සහ සියලුම ප්‍රධාන ආර්ථිකයන්හි කැබිනට් අමාත්‍යවරු 200ක් පමණඇතුළත් වේ. එසේම, වැදගත් ජාත්‍යන්තර සංවිධානවල නායකයින්, විවිධ කර්මාන්තවල ව්‍යාපාරික නායකයින් සහ විවිධක්ෂේත්රවල ප්‍රවීණයන් සහ විද්වතුන් ද මෙම සමුළුවට සහභාගී වේ. මෙවර සංසදයේ දී ප්‍රධාන මාතෘකා පහක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. වත්මන් බලශක්ති හා ආහාර අර්බුදය විසඳන්නේකෙසේද, වර්තමාන පවතින ඉහළ උද්ධමනය සහ ඉහළ ණය අනුපාතය සමඟ කටයුතු කරන්නේ කෙසේද, පවතින කාර්මිකඅවපාතය සමඟ කටයුතු කරන්නේ කෙසේද, වත්මන් සමාජ අවදානම විසඳන්නේ කෙසේද සහ වර්තමාන භූ දේශපාලනිකඅවදානම් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න ඇතුළත් වේ.
චීන මාධ්‍ය සමූහය 2023 වසරේ වසන්ත උත්සව ප්‍රසංගයේ 4වැනි පෙරහුරුව අවසන් කරයි. එළඹෙන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන විශේෂ ප්‍රසංගයේ4වැනි පෙරහුරුව ඊයේ (16) සිදු කෙරිණ. තාක්ෂණයෙන් කලාව ඉස්මතු කෙරෙන එම ප්‍රසංගයේ සම්ප්රදාය හා නවීණත්වය මුසුවේ.චීනයේ බොහෝ නිර්මාණශීලි ගායකයන් හා ප්‍රකට නළුවන් ප්‍රථම වරට මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට එක්වීම විශේෂත්වයකි. සොං සහ යුවාන් රාජවංශවල දකුණු චීනයේ Pu xian නම් ජනප්‍රිය ප්‍රාදේශීය ඔපෙරාව සහ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝකද්රව්යාත්මක නොවන සංස්කෘතික උරුම නාමාවලියට ඇතුළත් කෙරුණු, අග්නිදිග චීනයේ ෆු චියෙන් පළාතේ දකුණු ප්‍රදේශයේ Nan yin නම් ජනප්‍රිය සාම්ප්‍රදායික සංගීත කලාව, මෙවර වසන්ත උත්සව ප්‍රසංගයේ දී පළමු වරට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම ද සුවිශේෂී වේ.
2023 වර්ෂය ආරම්භවීමත් සමඟ ලොවපුරා වැඩිම පිරිසකගේ නිරීක්ෂණයට ලක්වූ ගුවන් යානය බවට යුනයිටඩ් එයාර්...
සහෝදරවරුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,ආයුබෝවන්! වසර 2023 නොබෝ වේලාවකින් උදා වේ. බෙයිජිං නගරයේ සිට මම...
මෙම වසරේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පිළිබඳ සහයෝගීතාවයේ සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන...
න්‍යෂ්ටික අපජලය සිය අභිමතය පරිදි මුහුදට මුදාහැරීම නතර කරන්නැයි චීනය ජපානයෙන් ඉල්ලයි.චීන විදේශ අමාත්‍යාංශයේ...