සාමාන්‍යපෙල විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය යළි දීර්ඝ කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් එල් එම්.ඩී. ධර්මසේන මහතා නිවේදනය කළේ ලබන 17 වනදා දක්වා එය දීර්ඝ කර ඇති බවයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය වන doenets.lk වෙත පිවිස මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකියි.
පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ යුතු වනවා.
පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත්රයේහි මුද්‍රිත පිටපතක් ලබාගන්නා ලෙසයි විභාග කොමසාරිස්වරයා උපදෙස් ලබාදී ඇත්තේ.
මේ අතර උසස්පෙළ විභාගයේ ආරක්ෂක කටයුතු සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන්
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති