වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දින වකවානු සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.
දෙසැම්බර් මාසය පළමු සතිය වන විට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා පාසැල් සියල්ලම විවෘත කිරීමට හැකියාවක් නොමැති බැවින් මෙම තීරණය ගනු ලැබූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.
රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සති දෙකකට වරක් සමාලෝචනය කොට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ නව දින සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.
මීට පෙර තීරණය කර තිබුණේ, ලබන ජනවාරි 18 වැනිදා සිට 27 වැනි දා දක්වා විභාගය පැවැත්වීමටයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග