අපොස සාමාන්‍ය පෙළ- 2021 විභාගයේ ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා.
මේ අනුව මෙම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස අතරතුර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
එසේම, මේ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 15 වැනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
අපොස සාමාන්‍ය පෙළ-2021 විභාගය මේ වසරේ මැයි 23 වැනිදා සිට ජූනි 1 වැනි දා දක්වා පැවැත්විණි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට