සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ගැටලුවකට මුහුණ දී සිටියි.
පවතින තත්ත්වය මත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසීය.
මෙම විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල විවිධාකාර ප්රචාරයන් යන බවත් ප්‍රතිඵල නිකුත් කිරීම කෙසේ වුව ද ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටවත් නොහැකි තත්ත්වයක දෙපාර්තමේන්තුව සිටින බවත් ඔහු කීය.
පාසල් යළි ආරම්භ කළ වහාම සතියක් ඇතුළත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.
පසුගිය මාර්තු මස පැවති මෙම විභාගය සඳහා අයැදුම්කරුවෝ හයලක්ෂකට අධික පිරිසක් පෙනී සිටියහ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්