දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ වන විටත් ඒ සඳහා රජයේ රෝහල් 05කට සහ පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය හිමිව ඇති බව පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා කියා සිටියා.
විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ “දැනට අපේ තිබෙන PCR පරීක්ෂණ ප්‍රමාණය 13,000ත් 14,000ත් අතර. ඉදිරියේදී 20,000 සීමාවට මේක ගේන්න සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන්, සාමාන්‍ය රෝහල්වලට අමතරව තවත් රෝහල් කිහිපයක් PCR පරික්ෂණ සඳහා අනුමත කරලා තියෙනවා. පෞද්ගලික රෝහල් 5කුත් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව දිනකට PCR පරික්ෂණ 20,000ක් ලංකාවේ රෝහල් මගින් සිදුකරන්නට හැකියාව ලැබෙයි.” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්