කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර අක්‍රිය වීම බරපතල ගැටලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රජය මේ සඳහා වහාම විසඳුම් ලබාදිය යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව සදහන් කළේ කතරගම – කිරිවෙහෙර චෙෙත්‍ය රාජයාණන් වහන්සේ වැද පුදාගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පීසීආර් යන්ත්‍රවල ගුණාත්මකභාවය සහ එම යන්ත්‍ර නඩත්තු කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවන බවත්, එම යන්ත්‍ර අක්‍රිය වුවහොත් ඒවා යළි ක්‍රියාත්මක තත්වයට ගෙනඒම සඳහා අවශ්‍ය තාක්ෂණවේදීන් සිටින්නේද යන්න ගැටලුවක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.
සමගි ජන බලවේගය මෙවැනි ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නේ කිසිවකු අපහසුතාවයට පත් කිරීමට නොවන බවත්, කොවිඩ් මර්දන ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමට බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්