අද අලුයම 5 සිට පිටකොටුව පොලිස් බල ප්‍රදේශය හුදකලා බවින් ඉවත් කෙරුණද පිටකොටුව මැනිං වෙළදපළ සහ 4 සහ 5 වන හරස් වීදිය ආශ්‍රිත වෙළද කටයුතු සදහා අවසර හිමි නොවන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මැනිං වෙලදපල ආශ්‍රිත තොග වෙළඳාම් / එලවලු / පළතුරු බෙදා හැරීම් සදහාද අවසර හිමි නොවන බවයි.
මේ අතර පී සී ආර් පරීක්ෂණ සදහා පෙනී සිටින ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබුණද ඒ සදහා සහභාගී නොවන පිරිස් සදහා අද සිට නීතිමය පියවර ගන්නා බවද අජිත් රෝහණ මහතා කියාසිටියා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග