PCR හා ඇන්ටිජන් සඳහා උපරිම මිලක් සහිත ගැසට් නිවේදනය නිකුත් වෙයි

පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද (12) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව PCR පරීක්ෂණයකට උපරිම ගාස්තුව රු. 6,500/= ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයකට රු.2,000/= ක් ලෙස මිල නියම කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

WP Twitter Auto Publish Powered By : XYZScripts.com