“චීනය ගෙවී ගිය වසර 75 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් රටේ සමස්ත ජනවාර්ගිකයන් වෙහෙස නොබලා කැපවීම් සිදු කර, වේගවත් ආර්ථික සංවර්ධනය සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වය යන ආශ්චර්ය දෙකක් ළඟා කර ගෙන ඇතැයි” චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය දා පැවති චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයකදී නව චීනය පැමිණි ගමන්මග පිළිබඳ සිහිපත් කරමින් සඳහන් කළේ ය.
“චීන මහජන සමූහාණ්ඩුවේ සියලු බලය ජනතාව සතුය ” යන්න චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති වැදගත්ම පොරොන්දුවකි. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු, මහජන කොංග්රස් ක්‍රමය සහ බහු-පක්ෂ සහයෝගිතා ක්‍රමය මෙන්ම දේශපාලන උපදේශක ක්‍රමය යනාදී වැදගත් දේශපාලන විධිවිධාන මාලාවක් ද චීනය ස්ථාපිත කර ඇත. එමගින් “රටේ සියලු බලය ජනතාව සතු” බව මනාව සහතික කෙරේ.
මීට වසර දෙකකට පෙර පැවැත්වූ චීනයේ කෝරළ සහ ග්‍රාමීය මට්ටමේ මහජන කොංග්රස් මැතිවරණයේ නවතම වටයේ දී, බිලියනයකට වැඩි ඡන්ද දායකයින්ගෙන් එක් අයෙකුට ඡන්දයකින් මිලියන 2.6 කට වැඩි කෝරළ හා ග්‍රාමීය කොංග්රස් නියෝජිතයින් පිරිසක් තෝරා පත් කර ගනු ලැබිණ.
සෑම වසරකදීම, චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෝ සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකයෝ, ජනතාවගේ ඉල්ලීම් රැගෙන බෙයිජිං හිදී එක්රැස් වෙමින් රටේ සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කරති.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරයේදී සම්මත කරන ලද “තීරණය”, ජනතා ප්රජාතන්ත්රවාදය තහවුරු කරමින් වටිනා අදහස් පොදුවේ එකතු කිරීමේ වැදගත් උදාහරණයක් ලෙස සැලකිය හැකි ය. විවෘත අදහස් විමසීම් සිදු කිරීමේ සිට, අධිකාරීත්ව ආයතන පරීක්ෂා කර බැලීම දක්වාත්, සාකච්ඡා මාලාවක් පවත්වා බහුවිධ අදහස්වලට සවන් දීමේ සිට, අදහස් උකහා ගෙන සංශෝධන කිරීම දක්වාත්, චීනය ගන්නා සෑම වැදගත් තීරණයක්ම නිසි ක්‍රියාවලියකට අනුකූලව ප්රජාතන්ත්රවාදී සාකච්ඡා මත පදනම්ව, විද්‍යාත්මක මෙන්ම ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් සිදු කරන්නකි. එමගින් සෑම වැදගත් තීරණ ගැනීමකදීම ජනතා මතය සම්පූර්ණයෙන්ම එක්රැස් කළ හැකි අතර බහුතරයකගේ අයිතිවාසිකම් වඩාත් හොඳින් සහතික කළ හැකි වනු ඇත.
මෑත වසරවලදී, ලෝකයේ ව්‍යුහාත්මක පරිවර්තනය උග්‍ර වෙමින් පවතින අතරතුර, යම් බටහිර රටවල පරිපාලන විධිවිධානය ගැටුම්කාරි මෙන්ම ප්රජාතන්ත්රවාදයට ද අවුල් සහගත බවක් ඇති කරනු දක්නට හැකි ය. මෙවන් පසුබිමක් යටතේ, චීනයේ සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්රජාතන්ත්රවාදය ලෝකයට වියත් චින්තනයක් ගෙන දී ඇත. ප්රජාතන්ත්රවාදය බටහිර ආකෘතියක් පමණක් යන්න අසත්‍යයකි. රටක් ප්රජාතන්ත්රවාදී ද නැද්ද යන්න විනිශ්චය කරනුයේ එරට ජනතාව විසිනි. එමෙන්ම, ප්රජාතන්ත්රවාදය හුදෙක් සුන්දර සැරසිල්ලක් නොවන අතර, එය ජනතාවගේ අවධානයට බඳුන් වූ ප්‍රශ්න විසඳීම උදෙසා ක්‍රියා කළ යුතු ය.
පසුගිය වසර 75 පුරා, චීනයේ පාලක පක්ෂය රටට ගැළපෙන චීන මාදිලියේ ප්රජාතන්ත්රවාදී සංවර්ධන මාවතක් සොයා ගෙන එය ඵලදායී ලෙස ක්‍රියාත්මක කර ඇත. එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්රජාතන්ත්රවාදය වර්ධනය කිරීමේ විශ්වාසය තහවුරු කර සමස්ත මානව දේශපාලන ශිෂ්ටාචාරයට ද දැවැන්ත ශක්තියක් එක් කර ඇති බව නොරහසකි.
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය