චීන ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව චීන ජාතික තොරතුරු දත්ත වාර්තා කරයි.
මේ වසරේ මුල සිට රටේ යටිතල පහසුකම් ආයෝජනය සක්‍රිය වෙමින් පවතී. එම ආයෝජනයට අදාළ මූල්‍ය සැපයුමෙහි සහ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙහි පෙරට වඩා ධනාත්මක වෙනසක් සිදු වී ඇතැයි චීන ජාතික තොරතුරු මධ්‍යස්ථානය පසුගිය දා නිකුත් කළ දත්තයන්හි සඳහන් වෙයි.
චීනයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් වීම සමග ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ ඉල්ලුම ද වර්ධනය වෙමින් තිබේ. දුම්රිය, මහා මාර්ග සහ බලශක්ති ඇතුළු ක්ෂේත්‍රයන්හි ආයෝජන ද වර්ධනය වෙමින් පවතී.
මේ වසරේ පරිභෝජනය ප්‍රවර්ධනය වෙනුවෙන් මේ වන විට රජය ප්‍රතිපත්ති රැසක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙවන් පසුබිමක ඉකුත් ජනවාරි හා පෙබරවාරි යන මාස දෙකේ රටේ මාර්ගගත නොවන පාරිභෝගික දර්ශකය 2024 වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂ ව 13.6%කින් ද මාර්ගගත පාරිභෝගික දර්ශකය 2024 වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂ ව 20.1%කින් ද වර්ධනය වී ඇතැයි චීන ජාතික තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ එම දත්තයන්හි දැක්වේ. භාණ්ඩ පරිභෝජනය වර්ධනය හේතුවෙන් සේවා පරිභෝජනය ද වැඩි වී තිබේ. ජනතාවගේ පරිභෝජන උනන්දුව රටේ ආර්ථික වර්ධනය සඳහා ප්‍රබල රුකුලක් ලබා දී ඇතැයි චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව පවසා තිබේ.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය