7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් කටයුතු අවසන් අදියරට පිවිසේ. එම ප්‍රදර්ශනය ආරම්භ වීමට තවත් ඇත්තේ දින 100 කට අඩු කාලයකි.
මේ වන විට ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් මෙහෙයුම් අවසන් අදියරට පැමිණ ඇතැයි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන කාර්යාංශ නියෝජ්‍ය අධ්යක්ෂ වු චෙන් පිං මහතා ඊයේ (8) පැවති රැස්වීමකදී කියා සිටියේ ය.
7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන නොවැම්බර් මාසයේ 5 වැනි දා සිට 10 වැනි දා දක්වා ශැංහයි නුවරදී පැවැත්වීමට නියමිත ය. මේ වන විට ප්‍රදර්ශනයට එක්වන ව්‍යවසායන් බඳවා ගැනීම මූලික වශයෙන් අවසන් වී ඇති අතර, වෘත්තීය නරඹන්නන්ගේ ලියාපදිංචිය ආරම්භ කර තිබේ. එමෙන්ම ප්‍රදර්ශනයේ ආධාරක ක්‍රියාකාරකම් සඳහා අයදුම්පත් බාර ගැනීම ද අරඹා ඇතැයි වු චෙන් පිං මහතා සඳහන් කළේ ය.
More Stories
චීනයේ ෂෙන්චෞ 19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය හෙට දියත් කෙරේ
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
‘ටාසන්’ට පණ දුන් රොන් එලී මිය යයි