
චීනයේ නිෂ්පාදිත Kylin මෙහෙයුම් පද්ධතියේ පළමු කෘත්‍රිම බුද්ධි අනුවාදය නිකුත් කෙරේ. එය අද (08) පැවති චීන මෙහෙයුම් පද්ධති කර්මාන්ත සමුළුවේදී නිකුත් කෙරිණ. මෙය ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධති ක්ෂේත්‍රයේ චීනයේ නව තාක්ෂණික ඉදිරි ගමන සනිටුහන් කරන සුවිශේෂ ජයග්‍රහණයක් වීම විශේෂත්වයකි.

මෙවර නිකුත් කරන කළ Kylin ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතියේ AI අනුවාදය තාක්ෂණික නවෝත්පාදන ගණනාවක් ඔස්සේ කෘත්‍රිම බුද්ධිය සහ මෙහෙයුම් පද්ධතිවල පුළුල් ඒකාබද්ධතාවයක් පෙන්නුම් කරයි. එය චීනයේ දේශීය මෙහෙයුම් පද්ධතිය සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පුළුල් ලෙස සම්බන්ධ කරන පළමු නිෂ්පාදනයයි. එය ශක්තිමත් කෘත්‍රිම බුද්ධි ඒකාබද්ධතා හැකියාවන්, ස්වයංක්‍රිය මෙහෙයුම් සහ ඉහළ කාර්යසාධන පරිගණකකරණය යන ලක්ෂණවලින් සමන්විත ය.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ