RCEP ගිවිසුම හෙවත් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම පිලිපීනයේ නිල වශයෙන් ක්‍රියාත්මකවීම ආරම්භ වෙයි. එය අද(02) සිට ක්‍රියාත්මකයි. ඒ සමග ම, ඊට අත්සන් තැබූ සමස්ත රටවල් 15 තුළ ගිමිසුම ක්‍රියාත්මක වී එම රටවල් අතර අන්‍යොන්‍ය අයුරින් තීරු බදු අවම කෙරෙනු ඇත. ගෝලීය වශයෙන් වැඩි ම ජනගහනයකින් යුක්ත විශාලතම ආර්ථික හා වෙළඳ පරිමාණයක් සහිත නිදහස් වෙළඳ කලාපය නව තලයකට පිවිසීම එමගින් පිළිබිඹු කෙරේ.
RCEP ගිවිසුම පිලිපීනයේ ක්‍රියාත්මක වීමත් සමග, චීනයේ මෝටර් රථ හා ඒවායේ උපාංග, ඇතැම් ප්ලාස්ටික් නිපැයුම්, රෙදිපිළි හා ඇඳුම් පැළඳුම් ඇතුළු නිෂ්පාදිතයන් තීර බදුවලින් නිදහස්වීම ක්‍රමානුකූලව සිදු වනු ඇත.
2020 වසරේ නොවැම්බර් 15වැනි දා, ආසියන් සංගමයට අයත් රටවල් 10, චීනය, ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සමග, RCEP ගිවිසුමට අත්සන් තැබීය. පසුගිය වසරේ ජනවාරි පළමුවැනි දා ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක විය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි