බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) උඩුගම්පොළ කාර්යාලයේ සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන ඉංජිනේරුවරයා ඇප මත මුදා හැර තිබෙනවා.
රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙසයි ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කර ඇත්තේ.
නුවර පාර, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඩී. ලලිත් සිරිසුමන නැමති සැකකරුව මෙසේ ඇප මත මුදාහරින ලෙස නියම කෙරුණා.
ගම්පහ අස්ගිරියේ පදිංචි ආර් .එම්.එන්.ලක්මාලි නැමැත්තිය පැමිනිලිකාරිය වූවා.
ඇප පනතේ සදහන් කරුනු වලට අදාළව ඇප ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය කරුනු අනාවරණය නොවීම හේතුවෙන් සැකකරුට මෙසේ ඇප නියම කරන බවට අධිකරයේදී සදහන් වුණා.
කාර්යාලයේ සේවිකාවකට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ(24) සංසරණය වුණු අතර මේ හේතුවෙන් ඔහු අද(25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සැකකාර ප්‍රධාන ඉංජිනේරුවරයාගේ සේවය අත්හිටවූ බව බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන සභාපති උපාලි කොඩිකාර මහතා පැවසුවා.
ඇප නියම වූ උඩුගම්පොළ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා වූ ලලිත් සිරිසුමන නැමති සැකකරුට නැවත ලබන ජනවාරි මස 27 වෙනිදා ට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් වැඩ්දුරටත් නියම කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්