සමඟි ජන බලවේගයේ පළමු සංවත්සරය ”එකට සිටගමු” යන තේමාවෙන් එලෙඹන 15 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී සැමරීමට නියමිතය.
එදින පස්වරු 02.30ට එම උත්සවය පැවැත්වීමට සමඟි ජන බලවේගය කටයුතු යොදා තිබේ.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නියමිත සෞඛ්‍ය උපදෙස් අනුව එය පවත්වන බව අද (11) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
”එකට සිටගමු” නව සංකල්පය හඳුන්වා දෙමින් දුරස්ථභාවය රකිමින් අභිමානවත් ලෙස එය පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්