කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හතරට අදාළ සංචිත හා තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (04) නිවේදනය කළා.
ඒ අනුව අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) අදාළ කණ්ඩායම්වල නායකත්වය දැරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස් හා ළහිරු තිරිමාන්න මෙම කිසිදු සංචිතයකට ඇතුළත්ව නොමැති අතර වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.
තරග කාල සටහන පහතින්,

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි