එළැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ පියවරක් ලෙස ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම
තරගාවලියේ සියළුම තරග කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් එම කණ්ඩායම් 4 නම් කර තිබේ.
මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙකට අතරට පැමිණෙන කණ්ඩායම් අගෝස්තු 24 වැනි දින පැවැත්වෙන අවසන් මහ තරගයට සුසුදුකම් ලබනු ඇත.
තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන අතර සෑම දිනෙකම තරග 2 බැගින් පැවැත්වෙනු ඇත. පළමු තරගය ප.ව. 2.30 ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව