චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානය විසින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත කොටසේ සාම්පල, අද(11) 15වන චීන ගුවන් ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශන කෙරිණ. එම සාම්පල ප්‍රදර්ශනය කෙරුණු පළමු අවස්ථාව මෙයයි.
පසුගිය ජූනි මාසයේ, චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ Chang’e-6 මෙහෙයුම, මානව ඉතිහාසයේ පළමු වරට චන්ද්‍රයාගේ ඈත කොටසේ පස් සාම්පල ලබා ගැනීම සාර්ථක කර ගැනීමට සමත්විය. පස් සාම්පල ග්‍රෑම් 1935.3ක් එහිදී ලබා ගෙන තිබේ.
මෙවර ගුවන් ප්‍රදර්ශනයට පැමිණෙන අමුත්තන්ට චන්ද්‍රයාගේ ඈත කොටමේ පස් සාම්පල සමීපව නැරඹීමේ අවස්ථාව ඇත. මෙම චන්ද්‍ර පස් සාම්පල Chang’e-6 මෙහෙයුමේ පළමු මහජන ප්‍රදර්ශන සාම්පලය වන අතර, එහි බර මිලිග්රූම් 75කි. චන්ද්‍රයාගේ ඈත කොටසේ විශාලතම, ගැඹුරුම හා පැරණිතම ආවාටයෙන් මෙම සාම්පල ලබා ගෙන ඇත. චන්ද්‍ර පෘෂ්ඨයේ තුනීම ස්ථානය ලෙසට එය සැලකේ.

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි