ශ්‍රී ලංකාව, චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය හා චිලී රාජ්‍යය කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට(RCEP)එක්වීම සඳහා නිල වශයෙන් අයදුම් පත්‍ර යොමු කර ඇති බව චීනය පවසනවා.
කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම(RCEP)ක්‍රියාත්මක කිරීම ආරම්භ වී වසර 3කට පසු එම ගිවිසුමේ බලපෑම අඛණ්ඩව ව්‍යාප්ත වූ අතර එය ආසියා-ශාන්තිකර ආර්ථික ඒකීයකරණයේ ප්‍රධාන මාර්ගයක් බවට ද පත්ව ඇති බව චීනය සඳහන් කර සිටිනවා.
2024 වසරේ RCEP හි ASEAN නොවන වාරික සභාපති රටක් ලෙස කටයුතු කිරීමේදී, චීනය නව සාමාජික රටවල් එම ගිවිසුමට එක් කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා. එබැවින් මෙම නව අයදුම්පත් සලකා බැලීම සම්බන්ධව චීනය සිය සහයෝගය ලබා දෙනු ඇති බව ද වාර්තා වනවා. වර්තමානයේ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමේ ඵලදායී මෙන්ම සාධනීය බලපෑම් අඛණ්ඩව ඉහළ නංවා ඇති බවයි චීනය පවසන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට