2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ පළමු වටයේ තරග අදින් ආරම්භ වනවා.
ඕමානය හා පැපුවා නිව් ගිනියාව මෙරට වේලාවෙන් පස්වරු 3 යි 30 ට පළමු තරඟයට පිවිසෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ දීි.
දෙවැනි තරගයද අද පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතරයි.
මෙවර තරගාවලිය ලබන මස 14 වනදා දක්වා ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගන 4 කදී පැවැත්වීමට නියමිතයි.
පළමු වටයේ තරඟ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනවා
එක් කාණ්ඩයකට රටවල් හතරක් බැගින් ඇතුළත් අතර, එම කාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් මෙවර තරගාවලියේ සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇති.
සුපිරි 12 වටය සඳහා මේ වන විටත් රටවල් 8ක් සුදුසුකම් ලබා අවසන්.
ශ්‍රී ලංකාව ද පළමු වටයේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ඔවුන් හෙට නැමීබියාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්