සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්ස තරගයත් ජය ගැනීමට සත්කාර එංගලන්ත කණ්ඩායම සමත්විය.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එංගලන්තයට කඩුළු 5ක ජයක් හිමිවිය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 111ක් පමණියි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් රැස්කර ගැනීමට සමත් විය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහරක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය පන්දුවාර 18කට සීමා කිරීමට තරග තීරකවරුන් තීරණය කළේය.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 103ක් ලබාගත යුතුව තිබිණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16යි පන්දුවකට මුහුණදී කඩුළු 5ක් දැවී ලකුණූ 108ක් ලබාගෙන තරගය ජය ගැනීමට සමත් විය.
එංගලන්ත පිල වෙනුවෙන් ලිවින්ස්ටන් නොදැවී ලකුණු 29ක් ලබාගැනීමට සමත් විය.
වනිදු හසරංග කඩුළු දෙකක් දවාගැනීමට සමත් විය.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකි විය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි