අයි.සී.සී පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් ඉහළ දක්ෂතා දැක්වූ පන්දුයවන්නන් හා පිතිකරුවන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඇතුළත්ව තිබේ.
තරගාවලියේ මේ දක්වා වැඩිම කඩුලු ලාභියා බවට පත්ව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගයි.
දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමගින් තරගාවලියේ තරග 7කදී ඔහු කඩුලු 14ක් ලබාගැනීමට ඔහු සමත්ව ඇත.
වැඩිම කඩුලුලාභීන් අතර සිව්වන ස්ථානයට මහීෂ් තීක්ෂණ පත්ව ඇත්තේ තරග 6ක දී කඩුළු 8ක් ලබාගනිමිනි.
වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රිඩක ජෝශ් බට්ලර් සමත්ව තිබේ.
ඒ ඔහු තරග 4ක දී ලකුණු 214ක් රැස්කරමිනි.
පැතුම් නිස්සංක එහි දෙවන ස්ථානයටත් චරිත් අසලංක තෙවන ස්ථානයටත් පත්ව ඇති බව වාර්තා වෙයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි