T20 තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වනිදු හසරංග

2021 පන්දුවාර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා වෙබ් අඩවියක් විසින් වනිදු හසරංග නම් කර තිබෙනවා.

සුපිරි 12 වටයේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා පමණක් සැලකිල්ලට ගනිමින් අදාළ දත්ත වාර්තා පදනම් කර එය සිදු කර ඇති බව සඳහන්.

සුපිරි 12 වටයේ දී හසරංග කඩුලු‍ 10ක් දවා ගත් අතර, ඊට දකුණු අප්‍රිකාවට එරෙහිව බිද හෙලූ කඩුලු‍ ත්‍රිත්වයද ඇතුළත්.

වනිදු හසරංගට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 71.6ක්.

ක්‍රීඩකයින් දක්වා ඇති දක්ෂතා සම්බන්ධයෙන් පැති ගණනාවකින් අධ්‍යනය කරමින් මෙම ප්‍රසාද ලකුණු පිරිනමා තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com