ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ලෝක 20-20 ක්‍රිකට් කණ්ඩායම අද නම් කළා.
ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඇතුළත්.
මෙම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ට හිමිවී ඇති අතර, ආරම්භක පිතිකරුවන් ලෙස ඕස්ට්‍රේලියාවේ ඩේවිට් වෝනර් සහ එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් නම් කර තිබෙනවා.
ඊට අමතරව ඒඩ්න් මැක්‍රම්, චරිත් අසලංක, වනිදු හසරංග, මොයින් අලී, ඇඩම් සම්පා, ටේරන් බෝල්ට්, ජෝස් හැසල්වුඩ් සහ ඇන්රිච් නෝට්ජේ මෙහි සෙසු ක්‍රීඩකයින් වනවා.
අතිරේක ක්‍රිඩකයෙකු ලෙස ෂහීන් අෆ්රිඩී නම් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම කණ්ඩායම සඳහා කිසිදු ඉන්දීය පිතිකරුවෙකු නම් කර නොතිබීම විශේෂත්වයක්.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි