මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් සමු ගැනීමට විරාට් කෝලි තීරණය කර තිබෙනවා.
සිය නිළ ටිව්ටර් ගිණුම වෙත සටහනක් එක්කරමින් විරාට් කෝලි වැඩිදුරටත් සදහන් කලේ ඉදිරියේදී පිතිකරුවෙකු ලෙස ඉන්දීය කණ්ඩායමට වැඩි දායකත්වයක් ලබා දිමට තමා සූදානම් බවයි.
ලෝක වාර්තා රැසකට හිමිකම් කියන විරාට් කෝලි ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත්වුයේ හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි 2014 වසරේදි ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමත් සමගයි.
කෝලිගෙන් පුරප්පාඩු වන ඉන්දීය පිළේ නායකත්වය සදහා රෝහිත් ෂර්මා පත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි