ඉන්දීය පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ මීළග නායකත්වය සදහා සුදුසුම ක්‍රීඩකයා පිළිබදව හිටපු ප්‍රවීණ ක්‍රීඩක සුනිල් ගවස්කාර් විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ.
ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ඊට සුදුසුම පුද්ගලයා බව ඔහු පැවසීය.
එමෙන්ම උපනායකත්වය සදහා කේ. එල්. රාහුල් හෝ රිෂාබ් පාන්ට් සුදුසු බව ගවස්කාර් පෙන්වා දී තිබේ.
පන්දුවාර විස්ස කණ්ඩායමේ වත්මන් නායක විරාත් කෝලි ඉදිරි ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නායකත්වයෙන් සමුගැනීමට තීරණය කළ බවට පසුගිය දිනෙක ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයත් සමග ඉන්දීය කණ්ඩායමේ මීළග නායකයා සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විචාරකයින් රැසක් විවිධ මත පළකර තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි