2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට තවත් වෙනසක් සිදු කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඒ, වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඔබෙඩ් මැකෝයි ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඒ අනුව ඔහු වෙනුවට කොදෙව් සංචිතයට හිටපු නායක ජේසන් හෝල්ඩර් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
කොදෙව්වන් මෙවර තරගාවලිය යටතේ එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ පළමු තරගය සදහා මැකෝයි ක්‍රීඩා කළ නමුත්, මේ වන විට ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ දකුණු පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.
අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුව විසින් සංචිතයට සිදු කෙරුණු නව සංශෙෘ්දනයට අනුමැතිය ලබා දී තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි