මේ වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායමේ අවසන් සංචිතය නිවේදනය කර තිබේ.
පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා වන පාකිස්තාන සංචිතය මේ වසරේ සැප්තැම්බර් මස ප්‍රකාශයට පත්කෙරුණු අතර එම සංචිතයේ වෙනස්කම් 3ක් සිදුකිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව, සෆ්රාස් අහ්මඩ් සහ හෙයිදර් අලී සංචිතයට කැඳවා ඇති අතර ඔවුන් දෙදෙනා සංචිතයට කැඳවා ඇත්තේ අසාම් ඛාන් සහ මොහොමඩ් හස්නයින් වෙනුවටය.
මීට පෙර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබූ බාබර් අසාම් ප්‍රධාන සංචිතයට නම් කිරීමටද පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඔක්තෝබර් මස 17 වෙනිදා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වන අතර පාකිස්තානය සහභාගී වන තරගය ඔක්තෝබර් 24 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි