පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (12) පැවැත්වීමට නියමිතයි.
ඒ නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි.
අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 7.30 ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුව නවසීලන්ත කණ්ඩායම සිව්වැනි ස්ථානයේ රැදී සිටින අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායම 6 වැන ස්ථානයේ පසුවේ.
මෙහි විශේෂත්වය වනුයේ මෙවර අවසන් මහා තරගයට තේරී පත්වූ කණ්ඩායම් දෙකම මීට පෙර පන්දුවාර විස්ස ලෝක කුසලානය එකදු වරක් හෝ ජය නොගැනීමයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි