අන්තරජාතික ක්‍රිකට් කවුන්සලය විසින් 2020 විස්සයි 20 ලෝක කුසලානය තම රටෙදි නියමිත පරිදි සංවිධානය කිරිමට බලාපොරොත්තුවෙන් සිටියද,ක්‍රිකට් ඕස්ට්‍රේලියානු (CA) සභාපති අර්ල් එඩින්ග්ස් පවසන්නෙ එම තරගාවලිය පැවැත්විම මේ වන පවතින තත්වය මත යතාර්ථයක් නොවෙනු ඇති බවයි.
කොරොනා වෛරස් නිසා ගමන් සිමා කර ඇති හෙයින් බොහෝ ගෝලීය දේශසීමා තවමත් වසා දමා ඇති තත්වයක මේම තතරගාවලිය නිසි කාලයෙ පැවැත්විමට නොහැකි බවයි ඔහු වැඩි දුරටත් පවසන්නෙ.තරගාවලිය සදහා කණ්ඩායම 15 ඔස්ට්‍රේලියාවට පැමිනිමට නියමිතයි.
මේ අතර තාවකාලික ක්‍රිකට් ඕස්ට්‍රේලියානු ප්‍රධාන විධායක තනතුරට නික් හොක්ලෙ පත්කර තිබෙන අතර ඔහු මෙ වනවිට විස්සයි 20 ලෝක කුසලානයේ ප්‍රධාන විධායක ලෙසද කටයුතු කරනවා.
චානක අරවින්ද _ chanaka Aravinda
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි