2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන නගර 7 අද (16) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
එම තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙයි.
එහි අවසන් පූර්ව තරග සිඩ්නි සහ ඇඩිලේඩ්වල පැවැත්වීමට නියමිත අතර අවසන් තරගය මෙල්බර්න් හිදී නොවැම්බර් 13 වනදා පැවැත්වෙයි.
2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට තරග 45ක් අයත්වන අතර එම තරග පර්ත්, බ්‍රිස්බේන්, ගීලොන්ග් සහ හෝබාර්ට් යන නගරවල පැවැත් වීමට යෝජිතය.
මේ වනවිට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය එම තරගාවලියට සුදුසුකම් ලබා සිටී.
එහෙත් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නැමීබියාව සහ ස්කොට්ලන්තය මූලික වටයේ තරගවලින් ජයලබාගත යුතුය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි