මේ වසරේ අග භාගයේදී ඉන්දියාවෙදි පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලානය බොහෝවිට එක්සත් ආරාබි එමීර් රාජ්‍ය තුල පැවැත්විම්ට ඉඩ තිබේ.එහි අවසන් තීරණය මෙම මස 28 වෙනිදා ප්‍රකාශයට පත් වේ.
තරගාවලිය එක්සත් ආරාබි එමීර් රාජ්‍ය තුල පැවැත්වුවොත් ඉන් තරඟ කිහිපයක් සඳහා සත්කාරකත්වය සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙ වනවිට ඕමාන් ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඕමාන් ක්‍රිකට් ඉහළ පෙළේ නිලධාරියෙක් තහවුරු කර තිබේ.
මේ වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන රටවල් 16 න් එකක් ඕමානය වන අතර රටේ ක්‍රිකට් ක්‍රිඩාව මුළුමනින්ම මෙහෙයවනු ලබන්නේද ඉන්දියානු සම්භවයක් ඇති ව්‍යාපාරික පවුලක් වන කිම්ජි රාම්දාස් විසිනි.
ඕමානය තුල මෙ වනවිට ක්‍රිකට ක්‍රිඩාංගන දෙකක් ඇති අතර දෙකම පිහිටා ඇත්තෙ අගනුවර වන මස්කට් ඇතුළත ඇති බවයි.
එ අතරින් “අල් අමරත්” ක්‍රිඩාංගනයෙ දිවා රාත්‍රි තරගද පැවැත්විය හැක.
මෙවර ලෝක කුසලාන තරගාවලියෙ පැවැත්විමට නියමිත මුලු තරග ගණන 76 කි.ඕමානයෙ මෙ අකාරයෙන් තරග පැවැත්විමට සිදු වුවොත් එය බොහෝවිට මුලිකවටයෙ තරග විය හැකිය.මුලික වටයෙදි ශ්‍රි ලංකාව හා ඕමානය අතර තරගයක්ද පැවැත්විමට නියමිතයි.
- තරගාවලියෙ සැලැස්ම
- Chanaka Aravinda / චානක අරවින්ද
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..