2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීමේ පියවර ප්‍රවර්ධන කිරිමක් ලෙස එක්සත් ජනපදයට 2024 T20 ලෝක කුසලානයෙ සත්කාරයවය පිරිනමන බව වාර්තා වේ.
Sydney Morning Herald පුවත්පතෙහි වාර්තාවකට අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2024 T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා USA ක්‍රිකට් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් (CWI) ඒකාබද්ධ ලංසුවක් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වේ.
මේ ආකාරයෙන් තරගාවලිය ඇමරිකාවෙ හා කොදෙව් දේශයෙ පැවැත්වුවහොත්, එය 2014 බංග්ලාදේශයේ පැවති T20 ලෝක කුසලානයෙන් පසුව ඉන්දියාව, එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව විසින් සත්කාරකත්වය නොදක්වන පළමු ගෝලීය ක්‍රිකට් තරඟාවලිය වනු ඇත.
2028 දී ලොස් ඇන්ජලීස් වල පවත්වන අතර 2032 , 2036 ඔලිම්පික් තරගාවලි පැවැත්විම පිලිවෙලින් බ්‍රිස්බේන් හා නවදීල්ලය සත්කාරකත්වය ඉල්ලා සිටියි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි