12 වන ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය අද(03) ඇරඹුණා. චීනයේ Fujian පළාතේ Quanzhou නගරයේ ආරම්භ වූ මෙම සංසදය චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානී Li Shulei මහතා එහිදී දේශනයක් සිදු කළා.
සංසදයට එක්ව සිටි විද්වතුන් සඳහන් කළේ විවිධ රටවල වීඩියෝ මාධ්‍යයන්, සම්බන්ධීකරණ, හුවමාරු හා සහයෝගීතා තවදුරටත් තහවුරු කළ යුතු බවයි. දරිද්‍රතාවය පිටුදැකීම, කාර්මිකරණය, කෘෂි-නවීකරණය, හරිත සංවර්ධනය වෙත ඉහළ අවධානය යොමු කළ යුතු අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල නවීකරණ සංකල්ප හා අත්දැකීම් පුළුල් ලෙස බෙදා ගත යුතු බව ද එහිදී සඳහන් වුණා.
මෙම සංසදය චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර වීඩියෝ ඒජන්සිය විසින් සංවිධාන කෙරුණා. 60කට වැඩි රටවල් හා කලාපවලින් පැමිණි මාධ්‍ය 87ක නියෝජිතයන් 200ක පමණ පිරිසක් ඊට එක්ව සිටියා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි