14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ 2 වැනි පූර්ණ සම්මේලනය පැවැත්වෙයි. ඒ අද(08) පෙරවරු 9ට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ය. පක්ෂයේ හා රජයේ ඉහළ පෙළේ සෙසු නිලධාරීහු ද සම්මේලනයට එක්ව සිටිති.
එසේ ම, එහිදී අදට(08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, සභාපති කණ්ඩායම නියෝජනය කරමින් එම සම්මේලනයේ දී රට පුරා විවිධ ජාතීන් හි කාන්තාවන්, විවිධ ක්ෂේත්‍රයන් සඳහා කැප වී සිටින කාන්තාවන්, හොංකොං, මැකව් යන විශේෂ පරිපාලන කලාපවල හා තායිවාන ප්‍රදේශයේ ස්වදේශික කාන්තාවන්, විදෙස්ගත චීන ජාතික කාන්තාවන් මෙන් ම ලොව පුරා සිටින සමස්ත කාන්තාවන් වෙත සුබ පැතුම් පිරිනමා ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්