හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) පස්වරුවේ ෂැංහයිහිදී අවසන් විය. මෙවර ප්‍රදර්ශනයේ දී වඩාත් ක්‍රියාකාරී වෙළඳ ගනුදෙනු සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිව ඇති අතර, වාර්ෂික පදනම මත සලකා බැලූ විට එමගින් අපේක්ෂිත ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 80.01 කි. එය පෙර වසරට සාපේක්ෂව සියයට 2ක වර්ධනයකි.
පෙර වසරේ ප්‍රදර්ශනය සමග සසඳන විට, මෙවර ප්‍රදර්ශනය ජාත්‍යන්තරකරණ මට්ටම තවදුරටත් වැඩිදියුණු කර ඇත. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් 104කින් සමාගම් 1,585ක් සහ ඌන සංවර්ධිත රටවල් 35කින් සමාගම් 132ක් මෙම වසරේ ප්‍රදර්ශනයට සහභාගී වීම විශේෂත්වයකි.
මෙම ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනය බාහිර ලෝකයට ඉහළ මට්ටමින් විවෘත කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කර ඇත. මෙවර ප්‍රදර්ශනයේ දී ජාතික මට්ටමේ ප්‍රදර්ශනය සඳහා රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 77ක් සහභාගි වී ඇත. ඔවුන් එම ජාතික ප්‍රදර්ශන වේදිකාවට විශාල වැදගත්කමක් ලබා දුන් අතර එහිදී ආකර්ෂණීය ප්‍රදර්ශන ක්‍රියාකාරකම් 200 කට වැඩි ප්‍රමාණයක් දැක ගත හැකි විය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි