බෝආඕ ආසියානු සංසදයේ (BFA) වාර්ෂික සමුළුව මාර්තු 25-28 දක්වා පැවැත්වේ

බෝආඕ ආසියානු සංසදයේ (BFA) වාර්ෂික සමුළුව 2025 වසරේ මාර්තු මස 25 සිට 28 දක්වා දකුණු චීනයේ හයිනාන් පළාතේ බෝඕ හි දී පැවැත්වෙන බව එම සංසදයේ මහලේකම් Zhang Jun මහතා පවසයි.

වෙනස් වන ලෝකයේ ආසියාව – බෙදාගත් අනාගතයක් කරා යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන බවත්, එහිදී ජාත්‍යන්තර සංවර්ධනය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගත් සංවර්ධනය, සංවාදය පෝෂණය කිරීම, නව්‍ය ආකෘතීන් ගවේෂණය කිරීම ඇතුළු මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවත් හෙතෙම පැවසීය.

තවද, බහුපාර්ශ්විකත්වය යළි පණ ගැන්වීම, විවෘතභාවය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ගෝලීය අභියෝග සඳහා ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම සහ ආසියාවේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවේ කැපවීම් ඉටු කිරීම මෙවර තේමාවේ අරමුණ බව ද Zhang Jun මහතා පෙන්වා දෙයි.

එමෙන්ම විෂය ක්ෂේත්‍ර හතරක් ඔස්සේ මෙවර සමුළුවේ විශේෂ අවධානය යොමු කිරීමට ද සංවිධායකයින් අපේක්ෂා කෙරේ.

එනම්, වේගයෙන් වෙනස් වන ලෝකයක විශ්වාසය ගොඩ නැඟීම සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සංවරධනය සඳහා ගෝලීයකරණය නැවතත් සමතුලිත කිරීම, ගෝලීය අභියෝග සඳහා වඩාත් ඵලදායී ප්‍රතිචාර වෙනුවෙන් තිරසාර සංවර්ධන ඉලක්ක වේගවත් කිරීම සහ නවෝත්පාදනය මත පදනම් වූ සංවර්ධනය සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතය හා පාලනය ශක්තිමත් කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කෙරෙනු ඇත.

මේ අතර මෙවර බෝආඕ ආසියානු සංසදයේ (BFA) වාර්ෂික සමුළුව සඳහා ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානයන් හි ප්‍රධානීන්, අමාත්‍ය මට්ටමේ නිලධාරීන් Fortune Global හි ව්‍යවසායකයින් සහ කීර්තිමත් විශේෂඥයින් හා විද්වතුන් රැසක් සිය සහභාගීත්වය තහවුරු කර ඇති බව ද බෝඕ සංසදයේ මහලේකම් Zhang Jun මහතා පැවසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com