
ශක්තිමත් ගෝලීය සහයෝගිතාවයක් පවත්වා ගනිමින් රොබෝ කර්මාන්තය අඛණ්ඩව සංවර්ධනය කළ යුතු බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි. ඒ සඳහා තාක්ෂණික නවෝත්පාදනයට විවෘත පරිසරයක් ඇති කිරීම සහ චීනයේ ආයෝජනය කිරීමට විදේශීය සමාගම් සහ පර්යේෂණ ආයතනවලට අවස්ථාව ලබා දීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කරයි.
බෙයිජිං හි පැවැති 2024 ලෝක රොබෝ ප්‍රදර්ශනයේ ඊයේ(25) නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් Li Qiang මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය 21 වනදා ආරම්භ වූ මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව “හවුල් බුද්ධිමත් අනාගතයක් සඳහා නව ගුණාත්මක නිෂ්පාදන බලවේග පෝෂණය කිරීම” යන්නයි.
කාර්මික හා සැපයුම් දාමවල ස්ථායී සහ සුමට බව මෙන්ම ගෝලීය රොබෝ කර්මාන්තයේ තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා පහසුකම් සැලසීමට කාර්මික හුවමාරු ශක්තිමත් කරමින් ඒ සඳහා සහයෝගිතා වේදිකා නිර්මාණය කිරීම සහ ඒවා හොඳින් භාවිතා කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.
වැඩි දියුණු කළ නව යන්ත්‍ර නිර්මාණය කිරීමට සහ මානවයාගේ යහපැවැත්ම අඛණ්ඩව වර්ධනය කිරීමට තාක්ෂණික නවෝත්පාදන සහ කාර්මික සංවර්ධනය ඉහළ නැංවීම ශක්තිමත් කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය. උපරිම නිෂ්පාදන වාසි ළඟා කර ගනිමින් විවිධ අංශවල රොබෝ ආශ්රිත තාක්ෂණික නවෝත්පාදන භාවිතය වේගවත් කළ යුතු ය. ඒ සඳහා ප්රාග්ධනය ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය ද Li Qiang මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි