චීන ජනාධපති ෂී ජින්පිං මහතා 19 වන ජී 20 නායක සමුළුවට සහභාගී වීම සඳහාත් බ්‍රසීලයේ රාජ්‍ය සංචාරයක් සඳහාත් රියෝ ද ජැනයිරෝ වෙත පැමිණියේය. බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ ආරාධනයකට අනුව, එරට වේලාවෙන් නොවැම්බර් 17 වනා දා පස්වරුවේ චීන ජනාධිපතිවරයා රියෝ ද ජැනයිරෝ වෙත ළඟා විය. හෙතෙම 19 වැනි ජී 20 නායක සමුළුවට සහභාගී වීමට නියමිත අතර බ්‍රසීලයේ රාජ්‍ය සංචාරයක ද නිරතවනු ඇත. විශේෂ ගුවන් යානයකින් රියෝ ද ජැනයිරෝ හි Galleon ගුවන් හමුදා කඳවුරට පැමිණි අවස්ථාවේදී, බ්‍රසීල රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් චීන ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබිණ.
ෂී ජින්පිං මහතා ගුවන් තොටුපළේදී ලිඛිත දේශනයක් ඉදිරිපත් කළ අතර, බ්‍රසීල රජයට සහ බ්‍රසීල ජනතාවට හෙතෙම සිය අවංක සුබ පැතුම් පිරිනැමීය.
31 වැනි APEC නායක සමුළුවට සහභාගි වී පේරු රාජ්‍ය සංචාරය නිමාවට පත් කළ චීන ජනාධිපතිවරයා ලීමා නුවරින් පිටත්ව යන විට, පේරු අමාත්‍ය මණ්ඩල සභාපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු උසස් නිලධාරීහූ පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හෝටලයේ සිට ගුවන් තොටුපළ දක්වා පිටත් වූ අවස්ථාවේදී, පේරු ජනතාව මග දෙපස රැස්ව, රථ පෙළට අත වනමින්, මෙවර සංචාරයේ සාර්ථකත්වයට සුබ පැතූහ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි