මීට වසර 79කට පෙර වූ අගෝස්තු 15 වැනි දා ජපානය කිසිදු කොන්දේසියකින් තොරව යටත් වන බවට ප්‍රකාශයට පත් කළේය. ඒ සමග වසර 14ක කාල වකවානුවක් තුළ චීන මහජනතාව ජපාන ආක්‍රමණිකයන්ට එරෙහිව සිදු කළ සටනෙන් ජය ගත්හ.
කෙසේ වුව ද අද(15) උදෑසන ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සභාපතිවරයා ලෙස දෙවැනි ලෝක යුද්ධයේ A ශ්‍රේණියේ යුද අපරාධකරුවන් අනුස්මරණය කරන Yasukuni සිද්ධස්ථානය වෙත පූජා ගාස්තුව පිරිනැමීය.
ඊට සාපේක්ෂව, ජපන් ආක්‍රමණිකයන්ගේ ‘731 වන ඒකකයේ’ සාමාජිකයෙකු වූ 94 හැවිරිදි Hideo Shimizu පසුගියදා චීනයේ Harbin නගරයට ගොස් ‘සමාව ඉල්ලීමේ හා සාම ස්මරකය’වෙත ගොස් ගෞරවය දක්වමින් සමස්ත චීන ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. එසේ ම, එම නගරයේ පිහිටි ‘731 වන ඒකකයේ’ අපරාධ සාක්ෂි සහිත ප්‍රදර්ශන ශාලාවට සහ එම ඒකකයේ විෂබීජ රසායනාගාරයේ නටබුන් පරිශ්‍රය ඇතුළු ස්ථානවලට ගොස් ‘731 වන ඒකකයේ’ අපරාධ සම්බන්ධයෙන් හෙළිදරව් කළේය. එවකට ‘731 වන ඒකකය’ විස සහිත බැක්ටීරියා ව්‍යාප්ත කර, මිනිස් ශරීරය ඔස්සේ ඒවා අත්හදා බැලීම ඇතුළු දරුණු හැසිරීම් ඉතා පිළිකුල් සහගත බව අවිවාදයෙන් ම සත්‍යයක් බව පොදු මතයයි. Hideo Shimizu ගේ මෙවර චීනයේ නිල සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ තමා සිටි ‘731 වන ඒකකයේ’අපරාධ මෙන් ම ජපානය සිය අපරාධ සැඟවීමට උත්සාහ කළ ප්‍රයත්න හෙළිදරව් කිරීම ය.
මෙම ජ්‍යෙෂ්ඨ යුද භටයාගේ පාපොච්චාරණය සහ සමාව ඉල්ලීමේ හැසිරීමට සාපේක්ෂව ජපාන දේශපාලනඥයන්ගේ හැසිරීම තුළින් පෙන්නුම් කරන ජපානය මිලිටරි ශක්තිය බලගැන්වීමේ ඉඩකඩ විශේෂයෙන් සැලකිල්ලට ගැනීමට අත්‍යවශ්‍ය කරුණකි. Hideo Shimizu ගේ සමාව ඉල්ලීමේ හැසිරීම මගින් ඔහුගේ හෘද සාක්ෂිය හා ධෛර්යවන්ත භාවය මනා ව පිළිබිඹු කරනවා පමණක් නොව, සත්‍ය කිසිදා සැඟවිය නොහැකි යන්න පිළිබඳ ජපානයේ ඇතැම් දේශපාලනඥයන්ට අනතුරු ඇඟවීමක් ද කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි