‘නව යුගයේ චීන ප්‍රතිසංස්කරණ තහවුරු කිරීමෙන් ලෝකයට තිළිණ කෙරෙන අවස්ථා’ තේමාවෙන් යුතු සංවාදය හෙවත් චීන-ස්පාඤ්ඤ සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හිදී පැවැත්වෙයි.
ඊයේ (29) පැවති එම සංවාදය චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කරනු ලැබීය. නව යුගයේ ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගැනීමෙන් චීනය ලොවට තිළිණ කරන අවස්ථා පිළිබඳව එහිදී අවධානයට ලක් විය. එම ක්‍රියාකාරකමට එක්වූවන් සිය අදහස් හුවමරු කරගත් අතර මාධ්‍ය, චිත්‍රපට, රූපවාහිනී, කලා ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාවයන් ගණනාවක් එහිදී ගොඩනගා ඇත.
චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong, ස්පාඤ්ඤයේ චිත්‍රපට, රූපවාහිනී සහ ශ්‍රව්‍ය දෘශ්‍ය කලා පිළිබඳ සමස්ත පරිපාලනයේ අධ්‍යක්ෂ Ignasi Camós, ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති José Luis Centella යන මහත්වරුන් එහිදී දේශන පැවැත්වූහ.
චීනය ප්‍රතිසංස්කරණ තහවුරු කිරීමෙන් වත්මන් වෙනස්කම් හා ගැටළු සහගත ලෝකයට වඩාත් නිශ්චිතභාවයක් ලබා දෙනු ඇති අතර, මානව වර්ගයාගේ පොදු සංවර්ධනය හා සමෘද්ධියට ‘චීන ශක්තිය’ තවදුරටත් ලබා දෙනු ඇතැයි Shen Haixiong මහතා එහිදී පෙන්වා දුන්නේය.
Ignasi Camós මහතා සඳහන් කළේ දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර අඩ සියවසක් තුළ, චීන-ස්පාඤ්ඤ සබඳතාව අඛණ්ඩව උසස් මට්ටමකින් සංවර්ධනය වෙමින් පවතින බවයි. මෑත වසරවල සංස්කෘතිය, මාධ්‍ය සහ කලාව ඇතුළු ක්ෂේත්‍රවල ද්වීපාර්ශ්වික සහයෝගිතාවලින් අත් කර ගත් ජයග්‍රහණ කැපී පෙනෙන බව ද ඔහු කීය. මෙ වැනි ක්‍රියාකාරකම්වලින් දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය මෙන්ම ලෝක ශිෂ්ටාචාර සංවාදය ප්‍රවර්ධනය කරමින්, සමස්ත මානව වර්ගයා මුහුණ දෙන පොදු අභියෝග මැඩපැවැත්වීමට දායකත්වය ලබා දීමට ඔහු එහිදී අපේක්ෂාව පළ කර ඇත.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ