මතුගම අධිකරණයේ විභාග වූ ඉඩම් නඩුවක් පරාද වූවැයි උරණ වී තමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට මුත්‍රා පාර්සලයකින් පහරදුන බව කියන පැමිණිලිකාර ඇඳුම් මසන්නකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිටපු අමාත්‍යවරයකුට එරෙහිව මෙම ඉඩම් නඩුව පැවැරා ඇත. එම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයාට මෙසේ මුත්‍රා පහරක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක් වූ නීතිඥවරයා දුරකථනයෙන් පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කළුතර උතුර, කලපුගම ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීට වසර කිහිපයකට ප්‍රථම හිටපු අමාත්‍යවරයාට අයත් අගලවත්ත ප්‍රදේශයේ ඉඩමක ටේලර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇති අතර , එයින් ඉවත්වන ලෙස අමාත්‍යවරයා දැනුම් දීමෙන් පසු ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරා තිබේ.
පහරකෑමට ලක්වූ බැව කියන නීතීඥවරයා එම නඩුවේ පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිට ඇති බවත් , නඩුව පරාජයට පත්වීමෙන් උරණවූ ඇඳුම් මසන්නා එම නඩුව වෙනුවෙන්ත ලබාදුන් මුදල් ඉල්ලා නීතිඥවරයාට අද පෙරවරුවේ මතුගම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී කිසියම් දියරයකින් පහරදීමෙන් පසු නීතිඥවරයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව එහි බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි පැවසේ .
පහරදීමට යොදාගත්හ දියර වර්ගය මුත්‍රා බවට කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්