Guangdong–Hong Kong–Macao මහා බොක්ක කලාපය ගොඩ නැංවීම යනු චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ උපදෙස් හා මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක ජාතික මට්ටමේ ප්‍රධාන උපාය මාර්ගයකි. අනාගත අන්තර්ජාතික සහයෝගිතා හා තරගකාරීත්වයට මුහුණදීම වෙනුවෙන් සිදු කෙරෙන උපායමාර්ගික වැඩපිළිවෙලක් ලෙසට එම කලාපය ගොඩ නැංවීම, ප්‍රතිසංස්කරණ හා චීන මාදිලියේ නවීකරණය තවදුරටත් තහවුරු කිරීම සඳහා වන ප්‍රධාන මෙහෙයුමකි. එසේ ම,‘එක් රටක් ක්‍රම දෙකක්’ යන චීනයේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ විශේෂත්වය ද ඉන් පිළිඹිබු වෙයි.
‘Guangdong–Hong Kong–Macao සහහෝගිතා තහවුරු කරමින් මහා බොක්ක කලාපයේ සංවර්ධනය සහතික කිරීමේ රාමු ගිවිසුම’ට අත්සත් තැබීමේ අවස්ථාවට ෂී ජින්පිං මහතා එක් විය. Hong Kong–Zhuhai–Macao පාලම ජනතාවට විවෘත කිරීම ද හෙතෙම ප්‍රකාශයට පත් කළේය. ඔහු සිය ළෙන්ගතු බවින් හා දූරදර්ශී බවින් එම කලාපයේ දීර්ඝ කාලීන සංවර්ධනයක් සිතුවම් කර තිබීම කැපී පෙනේ.
එළඹෙන 20 වන දිනට මැකව් චීනයට ආපසු පැමිණීමේ 25 වන සංවත්සරය යෙදී ඇත. මැකව් විශේෂ පරිපාලන කලාපය, මහා බොක්ක කලාපයේ ප්‍රධන නගර හතරෙන් එකක් මෙන් ම කලාපීය සංවර්ධන ඒන්ජිමකි. Guangdong–HongKong–Macao මහා බොක්ක කලාපයේ සංවර්ධනය මෙන් ම ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙලෙ හි කටයුතු ද ගුණාත්මක අයුරින් ගොඩ නැංවීම ඇතුළු මව්රටේ ප්‍රධාන සංවර්ධන උපායමාර්ගයන් හා සම්බන්ධ කර ගැනීමෙන් මැකව් හි දීප්තිමත්භාවය හා සෞභාග්‍යය ද වඩාත් ඉස්මතු වනු නිසැකය.
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
නවාකාරයෙන් යුත් චීන සංවර්ධනය පිළිබිඹු කෙරෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය