චීනය පුරා වෙසෙන, හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ පිරිස පිළිබඳ ජාතික සමුළුව පැවැත්වේ. එය පසුගිය දා (29) බෙයිජිං නුවර දී පැවැත්වුණේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා එහිදී විශ්‍රාමික හමුදා නිලයන් වෙත පැවරෙන කාර්යයන් පිළිබඳ වැදගත් උපදෙස් ලබාදුන් අතර, ඔවුන් වෙනුවෙන් ප්‍රශංසනීය සේවා සැපයූ ආයතන සහ පුද්ගලයන්ට සුබ පැතුම් පිරිනැමීය.
හමුදා සේවයෙන් විශ්‍රාම ලද පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයට මෙන්ම රටට වටිනා සම්පතක් වන බවත්, ඔවුන් චීන මාදිලියේ නවීකරණය සහතික කිරීමේ ප්රමුඛ බලවේගයක් බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. එම නිලයන් පිළිබඳ කටයුතු, ප්‍රතිසංස්කරණ හා සංවර්ධනයේ ස්ථාවරත්වයට මෙන්ම හමුදාව ශක්තිමත් කිරීම හා සම්බන්ධ වේ. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඉහළින් ආරක්ෂා කළ යුතු බවත්, විශ්‍රාමික හමුදා නිලයන්ට සමස්ත සමාජයේම ගෞරවය හිමිවිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
ජාතික මට්ටමින් විශිෂ්ට සේවා ඉටු කළ හමුදා ප්‍රවීණයෝ 397 දෙනෙක් මෙම සමුළුවේ දී ඇගයීමට පාත්‍ර වූහ. එසේම, විශ්‍රාමික හමුදා නිලයන් පිළිබඳ සේවාවන් හි නිරත ජාතික මට්ටමේ ආයතන 100 ක් සහ ඒවායේ ප්රශස්ත නිලධාරීහු 80 ක පිරිසක් ද එහිදී ඇගැයුම් ලැබූහ.
More Stories
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ
වෙළඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර