
ඉරානයේ ඉල්ලීමට අනුව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය ඊයේ(7) සෞදි අරාබියේ Jeddah නගරයේ විශේෂ සමුළුවක් පැවැත්විය.
Hamas සංවිධානයේ නායක Ismail Haniya ඉරානයේ දී ඝාතනය කිරීමෙන් පෙන්නුම් කරනුයේ ඊශ්‍රායලය විවෘතව ඉරානයේ ජාතික ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කළ බවයි. එමෙන්ම එමගින් කලාපීය හා ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව ද තර්ජනයට ලක් කර ඇති අතර එය ජාත්‍යන්තර නීතිය හා එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්මයන්ට පටහැනි බව ඉරාන වැඩ බලන විදේශ ඇමති Ali Bagheri Kani මහතා එහිදී පැවසීය. ඊශ්‍රායලය මෙවැනි තර්ජන ඇති කිරීම වැළැක්වීම හා පලස්තීන ජනතාවගේ අයිතීන් රැකගැනීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස Ali Bagheri Kani මහතා ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් ඉල්ලා සිටියේය.
ඊශ්‍රායලය සිවිල් වැසියන් වෙත ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින අතර රටක ස්වාධිපත්‍යයට හානි කිරීම හා එරටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ සියලු ක්‍රියාවන් සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරන බව සෞදි අරාබි විදේශ ඇමති Waleed Al-Khereiji එහිදී කියා සිටියේය. පලස්තීන භූමිය ඊශ්‍රායලය අත්පත් කරගැනීම අවසන් වීම, ජාත්‍යන්තර නීත්‍යනුකූල තීරණය, අරාබි සාම මුලපිරුම හා සැලැස්මට අනුව පලස්තීනය යළි ගොඩනැඟීමට හැකි වනු ඇතැයි සෞදි අරාබිය අපේක්ෂා කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති