චීනයේ වත්මන් ආර්ථික තත්ත්වයන් හා ආර්ථික කාර්යයන් පිළිබඳ සමාලෝචන රැස්වීමක් පැවැත්වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා එහි මුලසුන දැරීය. එම රැස්වීම අද(26) පැවැත්වූයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ මෙහෙයවීම යටතේ යි. වත්මන් ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරමින් මීළඟ අදියරේ පියවර පිළිබඳව එහි දී සාකච්ඡාවට ලක් කර තිබේ.
මෙම වසරේ සිට මේ වන විට, ප්‍රතිසංස්කරණය තවදුරටත් පුළුල් කරමින් චීනයේ ආර්ථික ක්‍රියාකාරීත්වය සමස්තයක් වශයෙන් ස්ථාවර අයුරින් පවත්වා ගෙන ඇති බව රැස්වීම පෙන්වා දෙයි. නව ගුණාත්මක ඵලදායීතාව නිසි ලෙස තහවුරු කර ඇති අතර, ජන ජීවිත හා ගුණාත්මක සංවර්ධනය ද ප්‍රශස්ත ව සහතික කර ඇත. චීන ආර්ථිකය දැඩි නම්‍යශීලිත්වයෙන් පවතින අතර එහි දැවැන්ත විභවයක් ද දක්නට ලැබේ. මෙවැනි යහපත් සාධක වෙනස් නොවුව ද වර්තමාන ආර්ථික ක්‍රියාකාරීත්වය නව තත්ත්වයන්ට මුහුණ දෙමින් පවතී. නව ප්‍රශ්න නිසියාකාරයෙන් සැලකිල්ලට ගෙන ආත්ම විශ්වාසය දැඩි කර වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගත යුතු බව ද රැස්වීමේදී අවධාරණය කර තිබේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි